එක තැනක එක හිතක මගෙ හිතට
සැනසෙන්නට බැරි නම්
ආල සිත රාග ගිණි ජාලාවේ
ඇවිලී යා නම්
තනි හිතක ආදරය මගෙ හිතම
පුරවන්නට මදි වේ නම්
තව හිතක ආදරය මගෙ හිතම
වසඟෙට ගත්දෙන්
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මේ පහසම මට ඍතුවක්
වින්දා ලොව දබරයත් මැදැඟිලි යා කර
ලෝකේ හැම රහකම ඇති කිලිටුවක්
දල්වා රහසක් නිවෙන්නේ මා පා කර
අළු කඩන් හුස්මක දැල්වෙන දිවාකර
ගිනියමක් මෙන් උඹේ සැකය හැබෑකර
පියවියෙන් මට දැනෙන යථාර්ථය
කල්පයක් කලා මොහොතක් දෙබෑකර
උඹ අරුමයක් මං මුලා වී මේ වියම
මා ගෙව්වේ හැම තප්පරයක්ම ඒ බියම
දැව්වා නිවෙන්න-හදපත්ලේ ඒ දියඹ
ලොවෙන් මිදී සැඟවෙන්නයි මේ වියන
මේ අන්ධකාරේ උඹ පෙළෙනවා
මට දැනෙනවා උඹ තවත් තැවෙනවා
හැඟෙනවා ඇවිලුනු ගත දැවෙනවා
දැනෙනවා පිනෙනවා නිවෙනවා මා දැවෙනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මේ සීත රැයේ
උණුහුම සොයමී
සුසුමක දැවටී
සිප ගනු මැනවී
දැවෙනා හැඟුමේ
ආලය තැවරී
රාගය මුසු වේ
ඇවිලෙනු මැනවී
written by Kosala D Maduraweera & Masick
Leave a Reply