මා දැවෙනවා | Maa Dawenawa by Stefan ft. Manasick

Sinhala song lyrics with music notes illustration

එක තැනක එක හිතක මගෙ හිතට
සැනසෙන්නට බැරි නම්
ආල සිත රාග ගිණි ජාලාවේ
ඇවිලී යා නම්
තනි හිතක ආදරය මගෙ හිතම
පුරවන්නට මදි වේ නම්
තව හිතක ආදරය මගෙ හිතම
වසඟෙට ගත්දෙන්

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ පහසම මට ඍතුවක්
වින්දා ලොව දබරයත් මැදැඟිලි යා කර
ලෝකේ හැම රහකම ඇති කිලිටුවක්
දල්වා රහසක් නිවෙන්නේ මා පා කර
අළු කඩන් හුස්මක දැල්වෙන දිවාකර
ගිනියමක් මෙන් උඹේ සැකය හැබෑකර
පියවියෙන් මට දැනෙන යථාර්ථය
කල්පයක් කලා මොහොතක් දෙබෑකර

උඹ අරුමයක් මං මුලා වී මේ වියම
මා ගෙව්වේ හැම තප්පරයක්ම ඒ බියම
දැව්වා නිවෙන්න-හදපත්ලේ ඒ දියඹ
ලොවෙන් මිදී සැඟවෙන්නයි මේ වියන

මේ අන්ධකාරේ උඹ පෙළෙනවා
මට දැනෙනවා උඹ තවත් තැවෙනවා
හැඟෙනවා ඇවිලුනු ගත දැවෙනවා
දැනෙනවා පිනෙනවා නිවෙනවා මා දැවෙනවා

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ සීත රැයේ
උණුහුම සොයමී
සුසුමක දැවටී
සිප ගනු මැනවී
දැවෙනා හැඟුමේ
ආලය තැවරී
රාගය මුසු වේ
ඇවිලෙනු මැනවී

written by Kosala D Maduraweera & Masick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply