ලන්තෑරුම් | Lantharum by Yuki Navaratne [2023]

මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ

උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

දිය මත පාවූ
කරදර
අද නොදැනීම මං
මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා
අව්වේ පෝලිං වෙන්න බලං
ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි
කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි
Oh I’m gonna slide
දැන් බෙහෙත් බොන කාලේ

ඉතින් මං සුදුමැලි වේගෙන යයි
හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
සුදුපාට දුන්නා කරුමෙට
උනේ ඕවර්ලැප්

අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ //

written by Yuki Navaratne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *