මලවී සරේ තුඩ වැදුනත්
ඉඳුරේ පිළුනු ඇස් දහසක්
සඳු සොයා යද්දී සිල් බිඳුමක්
රුදු පුරයට රසකල ගෙතුමක්
ඉඳු සුරඹට කවිකල වෙළුමක්
හිස ඉසුනු මතක පොපියයි
සැසඳුනේ උවනේ සුවඳයි
මිණි කැළුම පුළිගු පුපුරයි
පපු කැනතු මයුර නැටුමයි
මධු මතකෙ උසුළු පරදයි
තනිකමට දවුල හඬවයි
හිමිවුනේ පලඟ පලිහයි
මහ මේරු මලක පුසුඹයි
මන බඳින කනක සිරුරයි
පුර වෙසඹු අකුරු කියවයි
පඬි වදන කුකුස දනවයි
මනු ඇසුර අගරු පතුරයි
රුපු නිරිඳු කණට මුමුණයි
කටු ඉඹුල උරුම මටමයි
Leave a Reply