මලවි සරේ | Malavi Sare by Amal Perera [2021]

Sinhala song lyrics with music notes illustration

මලවී සරේ තුඩ වැදුනත්
ඉඳුරේ පිළුනු ඇස් දහසක්
සඳු සොයා යද්දී සිල් බිඳුමක්
රුදු පුරයට රසකල ගෙතුමක්
ඉඳු සුරඹට කවිකල වෙළුමක්

හිස ඉසුනු මතක පොපියයි
සැසඳුනේ උවනේ සුවඳයි
මිණි කැළුම පුළිගු පුපුරයි
පපු කැනතු මයුර නැටුමයි
මධු මතකෙ උසුළු පරදයි
තනිකමට දවුල හඬවයි
හිමිවුනේ පලඟ පලිහයි

මහ මේරු මලක පුසුඹයි
මන බඳින කනක සිරුරයි
පුර වෙසඹු අකුරු කියවයි
පඬි වදන කුකුස දනවයි
මනු ඇසුර අගරු පතුරයි
රුපු නිරිඳු කණට මුමුණයි
කටු ඉඹුල උරුම මටමයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply