සංකාවක් මං ගාවත් මට දැනුණා නේ

මං මාවත් ළඟ තාමත් මඟ බැලුවානේ

තුන්කාලක් මං බීවත් ⁣මේ රෑ

මගේ මැණිකේ උඹ ළඟමයි නින්දේ

පිං පාටයි මං ආසයි ඈ දෙන බැල්මේ

සංසාරයි හිත තිබ්බා නං මගේ බාරේ

පින්තාරුයි උඹෙ රූපෙයි වෙනසක් නෑ

සුදු මැණිකේ අද එනවද හනිකේ

මන්දාරමේ මං මේ ලෙසේ

කීවේ හිතේ ආදරේ

තරහෙන් වගේ ගස්සං ගියේ

ඇයිදෝ මගේ ආදරීයේ

මා ගාවින් වෙලීලා 

හීනේ ඇවිල්ලා

ඈ ඇස් නටෝලා

නුරා හැඟුම් ගෙනල්ලා

ඈ ගාවින් රැඳීලා

ගීතේ ගයාලා

ඈ අත පතාලා

මගේ පැතුම් පිරීලා

රන්දා හිතේ ආලේ මෙසේ

කීවේ ඈටයි මේ පෙම්බස් මාගේ

හංගා හිතේ ඇයි මේ ළඳේ

මට දෙන්නකෝ ඒ කුළුඳුල් ආලේ

written by  Jeewaka Weerasinghe

Leave a Reply