Me Tharam Siyumalida Kalugal / මේ තරම් සියුමැලිද කළු ගල් – Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා…
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා…
දෑස් දුන් මිනිසා සොයා…

කළා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිළක පැදුරක් එලා…
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා…
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා…
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා…
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා…
දෑස් දුන් මිනිසා සොයා…

Leave a Reply