සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ…
සොයා යන මං නොදැන මේ අඳුරේ…
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ…
සොයා යන මං නොදැන මේ අඳුරේ…
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්
සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්
මහා කරුණා නුවන් දිය ගැඹරේ…
ගිලී සැනහී නිවා ගිනි සසරේ…
මහා කරුණා නුවන් දිය ගැඹරේ…
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්