නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
Leave a Reply