මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy

Sinhala song lyrics with music notes illustration

සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ

අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියානම්
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්

කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ

ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මටනම්
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං

written by Rookantha Gunathilaka

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply