නිල් මැණික | Nil Manika by Sanjeew Lonliyes [2023]

ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනි
පෑහිලාමයි හිටියෙ ඉස්සර
කොල්ලා සමනළයෙක් වගෙයි
හැදුවා තරමක් මනෝ මන්දිර
බුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දර
පිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර

ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදන
ජීවිතේ දෝනා මැදින් දැක්කමයි ප්‍රේමයක් මෝරන
ඒ කතාවේ තැනකදී
පෙම්වතිය කැම්පස්එකට තේරුණ
සරසවිය පතළක්ද දෙයියනේ
දිස්නෙ දෙන නිල්මැණික් තෝරන

දඬු මොනර නැති කර්කටක නැති
අපි බොහොම දුප්පත් පතල් හාරන
හයර් කරගෙන වෑන් කට්ටක්
ගමෙන් ආවේ මහ පාන්දර
එක ඇහිල්ලක් හරි කමක් නෑ
දෙන්නගේ ඇස් එකට ළංකර
සතුටු කඳුලක්වත් දකින්නයි
කිඳුරෙකුගෙ මළගමට ඉස්සර

යමං නංගියෙ එක වතාවක්
බලාප කොල්ලගේ ඇස් දෙක
ඇවිත් හුස්මක් පිඹලා පලයං
වෙන දෙයක් නෑ උඹෙන් ඉල්ලන

එච්චරයි අපි කරපු මැරකම තප්පරේකුත් නෑ ගියේ
ඇඟපුරා දඬුමුගුරු වැදුණා ඊට පස්සෙ පොලිසියේ

දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා තිබුණා
හීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක් තිබුණා
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා
ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා

written by Timran Keerthi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *