සෙරන්ඩිබ් මල් | Serandib Mal by Sanjeew Lonliyes [2023]

ඇබ්‍රෝඩ් වල පාරවල්වල
සුද්දො අතරින් මාත් ඇවිදිනවා
දකින නොදකින සෙරන්ඩිබ්
මල් ඩොලර් හුලඟක
ඔහේ ඉගිලෙනවා

ආලේ උණුහුම ඕනෙ කාලෙම
හීත රිතුවක හාදු බොඳවෙනවා
ඒත් ඒ අවසාන හාදුව
තාම හදවත අස්සෙ කකියනවා

වාවගන්නට බැරිම තැන්වල
කියාගන්නට බැරි කතන්දර
සයනවල බන් ඔහේ ලියවෙනවා
හෙනම දිග මහ රෑක දවසක
වලාකුළු උඩ දුක තවරගෙන
සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා

බ්‍රෑන්ඩඩ්සළු කබා අස්සෙන්
තදට නුපුරුදු වෙහෙස හංගනවා
අයිස්කඳු ගිණිකඳුත් එක්කලා
පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා
වීදී සරසන පහන්එළි යට
දහස්ගාණක් කතා මිමිනෙනවා
ඈත ගම්වල තැලුනු හිත් පෙති
ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා ///

written by Sanjeew Lonliyes

Song Summary

A reflective song about living abroad, carrying hidden loneliness, and longing for love and home amid foreign streets and quiet nights.

Song Meaning

The song portrays the emotional journey of someone living overseas, walking among strangers in foreign streets while feeling internally disconnected. Although surrounded by modern life, branded clothes, city lights, and different cultures, the singer hides deep exhaustion and loneliness. Memories of love—especially a final kiss—still burn quietly in the heart, resurfacing during cold seasons and sleepless nights. Unspoken stories, heartbreak, and longing drift like flowers in the wind, symbolizing unresolved emotions. The song contrasts global life with local roots, suggesting that wounded hearts from distant villages rise again somewhere in the world. Ultimately, it reflects diaspora life, emotional isolation, nostalgia, and the silent persistence of love and identity.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *