ඉල්ල ගත්ත shirt | Illa Gaththa Shirt Ekak by Sanjeew Lonliyes

Sinhala song lyrics with music notes illustration

ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්
තිබුනා මතකයි..
පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්
තිබුනා මතකයි
මගෙ ජීවිතේ

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

සැරට වැදුන බූට් එකක්
බොක්කෙන් ලව් කරපු එකක්
ඩබල් දාපු ලෙක්චර් එකක්, මතකයි

හවසට හිස් පර්ස් එකක්
මුඩිය නැති එම්ටි ගොඩක්
ගජේ ගහපු මකුනො ඇඳක්, මතකයි

එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා
අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා
ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

written by Sanjeew Lonliyes

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply