නුඹෙ ඇස් | Numbe As by Yasas Medagedara x Yashodha

මගෙ අත හැර යනදා පවා
නුඹෙ පසු පස හිඳිමී
හද රැඳි හැම සිහිනේ සදා
වෙනතක දළුලාවී

ඇරයුම් නොකල සිත් වේදනා
රහසේ නෙතේ රැඳුනේ
අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
පහසේ සිනා බිඳුනේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//

ජීවිතේ අඳුරු නිම්නයේ
නුඹ හිඳී ලඟ මගේ
ආදරේ නොවෙද හැමවෙලේ
මේ ගමන ඇරඹුවේ

ඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා
සිහිනෙන් වගේ
හෙට මා තනිවේවි ඒ හැම මතකයන්
බිඳි සෙනෙහසේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා //
මා නුඹෙ ඇස් දිහා බලා සිටියා //

written by Sajith Akmeemana

Leave a Reply