පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ
ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි
වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
තානානේ
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
තානානේ
Leave a Reply