එහෙම දේවල් නෑ හිතේ | Ehema Dewal Na Hithe Mage by Dhanith Sri

Sinhala song lyrics with music notes illustration

එක රැයකට නුඹ මගේ කරගෙන..
කාසි වලට මං කොහොම මනින්නද..
නුඹව හඬවන නුඹව රිද්දන..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

කරකාර බැඳගෙන මගේ කරගෙන..
නුඹ සිරකරගෙන හීන මවන්නට..
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

අයිතිවාසිකම් නැති නිවහල් වූ..
සෙනෙහස ගලනා මනසක් ඇති වූ..
මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය..
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද…
ආදරෙ කියලා හිත පිළිගන්නට..
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
තණ්හා,ආශා නුඹගැන මොකටද..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply