දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී….
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *