පන්දම | Pandama by Dhanith Sri [2018]

Sinhala song lyrics with music notes illustration

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ

ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කළුව එනවා නුඹ නැති දාට
සිත් අහසම පුරවා අන්ධකාරෙක
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ
මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැතී
රුවකට නෙත ගැටුණේ කතරක වැසි
වැටෙනා දැනේ
හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
තානානේ
අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ
තානානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply