ප්‍රේම නික්මන | Prema Nikmana by Himansa ft. Tharindu Damsara

අතීතයේ මතක කොදුරන
තනිකමේ තපෝ වන මැද
ප්‍රේම නික්මන දැනෙන යාමෙක
සුසුම් කඩුසිලින් හදම රිද්දන
නුඹේ මුහුලස නැගෙයි මතකෙට

හැඟුම් උයනේ අතාරින ලද
බැඳීමේ වන ලැහැබ් කටුරොද
පැටලි ඇසෙනා කඳුලු තනුවට
සඳ සේ රුව මවයි මා හද

ගිලිහි ගිය දා වසත් ප්‍රේමය
දුක්ඛ තෝමර පෙලයි හද මල
නමුදු දැරු විට විපිලිසර නෙක
අහිමිවීමම ප්‍රේමයකි සඳ

written by Tharindu Damsara

Leave a Reply