අතීතයේ මතක කොදුරන
තනිකමේ තපෝ වන මැද
ප්‍රේම නික්මන දැනෙන යාමෙක
සුසුම් කඩුසිලින් හදම රිද්දන
නුඹේ මුහුලස නැගෙයි මතකෙට
හැඟුම් උයනේ අතාරින ලද
බැඳීමේ වන ලැහැබ් කටුරොද
පැටලි ඇසෙනා කඳුලු තනුවට
සඳ සේ රුව මවයි මා හද
ගිලිහි ගිය දා වසත් ප්‍රේමය
දුක්ඛ තෝමර පෙලයි හද මල
නමුදු දැරු විට විපිලිසර නෙක
අහිමිවීමම ප්‍රේමයකි සඳ
written by Tharindu Damsara