මතක දිනපොත | Mathaka Dinapotha by Tharindu D ft. Kalpana Kavindi

Sinhala song lyrics with music notes illustration

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා

නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්..
පාට පාට ගා ඇදපු සිත්තම්..
පින්න වැටෙන රෑ සීත ඇත්තම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම්
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

මගෙ හිතට නුඹ දුන්නු මංදහාසකම් ..
දෑස හිත අස්සේ නටපු නාඩගම්..
මාව අවුලුවන හීය නුඹම නම්..
සතපවන්න නුඹෙ පපුවෙ උණුසුම් ..
කුමරාණනේ උර තලයෙහි ඉමී
කවදක හරි හවසක යලී
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා

මතක දිනපොත එකිනෙක පෙරලා..
බලන රැය මට නම් නිදි නැතුවා..
තුරුළෙහි දැවටෙමින්..
ඔය හැටි මනමාලකම්..
සිහිවන විටදි දැන්..
ඉවසුම් නෑ මටත්..
දිලෙන ඔය ඇස් මගෙ වෙන හිංදා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply