හමුවූ තැන්වල | Hamuwu Thanwala by Tharindu Jayasinghe

Sinhala song lyrics with music notes illustration

හමුවූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවූ දොල නොසිදී ගලා යතී
ඉරත් හඳත් ඒ එලියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමුවූ තැන්වල
මල් පිපී ඇතී

දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුලං වැදිලා හිත තෙමෙනෙවද
හිමිසඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත්වෙන්නට වෙර දරනවද

නවම් මහේ උපන්දිනය සිහිකරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

written by Saman Kumara Aberathna

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply