නුබ මගේ හදේ රැදුනු මලක් උනේ
මට නුබේ අගේ දැනුනේ එපමනක් නොවේ
නුබ පාවීලා ආවාට රහසේ
මට හැකි වේද නුබේ වෙන්න ආයේ
නුඹ හා තනිවෙන්න ඒ කදුලු කතරේ
මට දෙනවාද නුබේ වෙන්න ආයේ
රතුමල් පොකුරු හැඩ බිදුනා නුබ හින්දා හිත හංගා
මං තාමත් ඒ ආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදාහෝ හිනැහේවී
දැනුනානම් මා ගැන දැනුනානම්
නුබ මාගේද කාගේද නොදනී එදා
නෙත් හැරුනාට මා දෙස බලා
තව නොකියන්න හිත් පාරනා කාරනා
නුඹ සනසන්න නෑ ලග මෙදා
නුබ පාවීලා ආවාට රහසේ
මට හැකි වේද නුබේ වෙන්න ආයේ
නුඹ හා තනිවෙන්න ඒ කදුලු කතරේ
මට දෙනවාද නුබේ වෙන්න ආයේ
රතුමල් පොකුරු හැඩ බිදුනා නුබ හින්දා හිත හංගා
මං තාමත් ඒ ආලේ කරනා
නුබ මාගේ මනමාලී කවදාහෝ හිනැහේවී
දැනුනානම් මා ගැන දැනුනානම්
Leave a Reply