දහසක් දේ | Dahasak De by Bhashi Devanga [2023]

Sinhala song lyrics with music notes illustration

සී සීකඩ විසිරුනු
ගංගාවන් නැවතුනු
මංමාවත් දිග ඇවිදපු
ඒ ලස්සන ඒ කාලේ

නේත්‍රාවන් සනසපු
සීමාවන් පැරදුනු
අපි නෑ සිත් සේ තනිවුනු
කෝ දැන් කෝ ඒ වාගේ

නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

‍දහසක් දේ මැද තනිවුනත්
සුපුරුදු හැගුම රැයක හිත හදයි නම්
දවසක පැය නැවතුනොත්
ගිලිවුනු රැයේ උනුහුම දැනෙයි දෝ දැන්
නුහුරුයි රිදුම් තැන් මේ දහසක් දේ
හිත් පෑරුවා නම්
මේ සාද නාදේ පාව පාවී ඈත යාවී අතීතෙන් මා

වීදුරු ලොවක තනිවුන
දුර ඈත පේන විනිවිද
අපි නෑ දකින සිතුවම් වල
සීරුම් රිදුම් හැර
තිබුනත් අසීරුම තැන්වල
මතකයි හීන මම පහුකර
අශා නොවන දැහැනක රස
කාටත් නොකී මාගේ හීනයේ

නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

දහසක් දේ මැද තනිවුනත්….

written by Bhashi Devanga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply