Sandakada Pahanaka / සඳකඩපහනක – Sunil Edirisinghe

සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී…
සියුමැලි කැකුලක් මැලවෙද්දී…

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ…
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ…

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දූ..
ඈගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈවෙත හද රැන්දු…
තවෙකෙක් ඈවෙත හද රැන්දු…

සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී…
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ…

හදවිල ඉපැදුන කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා…
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා…

ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුළු අරා..
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා…
පොපියන හදවත සිටී බලා…
සිටී බලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *