සන්තාපයෙන් | Santhaapayen by Harshadewa Ariyasinghe [2012]

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
හිස් වාතලේ ඈ සොයා
තාරුකාවෙන් මං පෙත් අසා
මේ පාළු තනි යහනේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ
පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

ගිම්හාන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී
උස් ස්වප්නයක් වේ ජීවිතේ

ගිම්හාන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී
උස් ස්වප්නයක් වේ ජීවිතේ

වාලුකාවේ වැස්සක් වගේ
පාලු වූ මේ සන්තානයේ
වැගිරෙන්න ආවත් ඉතින්
සුපිපේවී පෙම්වත් කුසුම්

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

මල් රේනු විස්සෝපයේ
මල් යාය හැරයාවී
රෑ සියොන්ගේ ගී මැදින්

මල් රේනු විස්සෝපයේ
මල් යාය හැරයාවී
රෑ සියොන්ගේ ගී මැදින්
පාලු වූ මේ යාමේ ගිලී
හාද වූ දා පෑ ආදරේ

පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ
පෙම් හීන අවුලා තියා
ඈ කොයිද වෙන්වී ගියේ

Leave a Reply