සරෝජනි | Sarojani by Raini Charuka [2023]

හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..

සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…

written by Manuranga Wijesekara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *