හිරිවැටෙනා | Hiriwatena by Dinesh Gamage ft. Samitha M

Sinhala song lyrics with music notes illustration

හීන දග යැයි කියා
වෙන්ව නුඹ
හීනයක විදවනා

පාව දුර යමු කියා
කිව්ව නුඹ
ඇයිද මග තනිවෙලා

ජීවිතය බර නිසා
කදුල මං
පවුරකින් වටකලා

ආදරය මග කියා
දුන්නු මං
ඇයිද දැන් තනිවෙලා

සුහ දේ සමුගන්නම් මා
හැකිනම් දුර යන්නම් මා
ඔබ නොරිදා

හිරිවැටෙනා කදුලු පවා
මට දිවුරා සමුගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලුකලා

ආලය මුදු හැගුමක් නම්
ඒ කියු දෙසිතත් දැන්
කාලය නම් හසුරන තැන්

අපි නැවතුණු දෙලොවක් නම්
හිමි තැන හිද සැනසෙන්නම්
අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම්

දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න… //

හිරිවැටෙනා කදුලු පවා

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply