Sinhala song lyrics with music notes illustration

මහ පාරෙ ප්‍රශ්න හින්දා මං ආවෙ වංගු පාරේ

වංගු පාරෙ එද්දි මහා සෝනා මෙන්න පාරේ

අයින්ස්ටයින් උනත් ඉතින් මෝඩයි පොඩි කාලේ

සර් ඉතිං අපිත් පොඩියි මෝඩයිි ඒවාගේ

මෙගා නාට්‍යයේ හිටියා දැක්කේ නැද්ද ඊයේ

දඩ කොලේම සයින් එකක් දෙන්නද මං ආනේ

නෙළුම් කුළුණ උඩට යන්න විනාඩියයි ඕනේ

උඩට ගිහින් ප්ලේන්ටියක් ගේන්නද සර්..

සෝරි සර්

ආනෙ සර්

මාගේ සර්

බුදුසර් ////

බුදු සර්, සොරි ආවට මම ලයිට් දෙකම නිවන්

රෑ දහය පැනලා පුදුමයි ඉන්නෙක මෙහෙමවත් හිටං

shot දෙකක් ගැහුවේ හතරක් ගහලා ගෙදර යන්න හිතන්

ඒත් පස් වෙනි එක අත වැනුවා හය පාරක් නිකං

පිටත් උනා හතට මේකට නැග්ගේ නැවිලා අටට

නව නිංගිරාවේ බෑ බීපුවා ආයෙ එනවා කටට

එනපාර ගානේ සූර් වෙනවා සර් අනේ හොඳට

ඔක්කාරෙ ඉතින් මාස දෙකක් වගෙ බබාගේ බඩට

ඉතින් යන්න දෙන්න ක්ලිනික්

ඔය ප්ලේන්ටිය විතරක් මදි නම් නං එන්න සර් අරන් දෙන්නං මිටිය ගානේ බීඩි

ලයිසන්ස් මට තිබ්බනං දෙන්නේ දෙන්නට මං දෙක දෙක

මෙන්න දාහේ කොළ දෙකක් ඉතින් බෙදාගන්න එක එක…එල එල

පොඩියට ගත්තේ බරටම වැදුණේ

ලව් එක හෘදේ ඇයි මට රිදුනේ

ආලේට ලෝකේ ලයිසන් නෑනේ

පපුවට ප්‍රශ්නේ දැන් ඒකයි

හිතුවේ නෑ හිතට බ්‍රේකුත් නෑ

පැතුවේ නෑ පැතුමා ආවෙත් නෑ

ස්කන්ධය දිරුවා ආතල් තිබුණා

ඒකයි අපගේ ධර්මේ..

සෝරි සර්

ආනෙ සර්

මාගේ සර්

බුදුසර් //// ////

written by  Manuranga Wijesekara x Kaizer Kaiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply