අභිප්‍රාය | Abipraya by Ramesses Reezy [2025]

Sinhala song lyrics with music notes illustration

කියනවා, ලියනවා, කරනවා නැහැ ඇති..

හොයනවා හොයනවා නැහි නැහි නැහැ ලැබි..

ඉඩෝරයත් වහගෙන වහිනවා මහා වැහි හැබැයි මට මදි මම කියනකන් මට ඇති..

ඇති වෙන්නේ කොහොමද සමාජෙක සිහි නැති..

සිහි ඇති වෙනකොට යාවී ඇඟ හිරි වැටි..

දේවල් ඇත ගොඩක් එදා පටන් මම පිළිපැදි..

ගලවන්න පුලුවන් ද මුන්ට මගේ ඉඟි වැකි..

Reezy ගිහින් Grammy අරගෙන එනෝ පේනෝ Bro!

මගේ හිත කියනවා මට තව ඕනි MORE!

මුනුත් අහනවා “තව ඕනි” කෝ Reezy කෝ!?

මම දිනුම් ගනිනවා  Eeny Meeny Miny Moe!

මුන්ගේ පද වැඩක් නෑ මං හරි දේම කරනෝ!

නවතින්නේ මට ඕනි දේවල් මං කරලෝ.

මට හොඳයි පෘථිවියත් මට හොඳයි පරලෝත්

මම උඩ යන්නේ මගේ පරණ එකත් මරලෝ ම⁣ට

තව ඕනි! තව ඕනි! ////

තව ඕනි! තව ඕනි! තව ඕනි! (Arghhhhh!

මට ඕනි දේවල් මට කියන්න ඕනි! 

මට ඕනි දේවල් මට කරන්න ඕනි! (Arghhhhh!)

පරම්පරාවක ශාපේ මට අද බිඳින්න ඕනි! (Yarghh!)

කලා වෙසින් පණිවිඩේ තියන්න ඕනි! (Harh)

මට කියන්නෙපා විදි හැසිරෙන්න ඕනි! (Raghh)

ධ්‍යාන වඩනවා හැබැයි මට තාම Horney!

මට ඇති වෙනකන්ම තව තව කරන්න ඕනි!! (Arghhhhh!)

කෑ මොර දේවි, ඇල්බමේ පේලි

ඇස්පියන් අහපන්! උන්ට යයි තේරි,

උඩින් අත ගෑවොත්, උන් යයි නොතේරි,

පරිස්සමෙන් අහපන්, ආරූඩ වේවි!

මොළ ගෙඩි පාදන් උඩට නැගේවී,

අඩු කම්පන අධි කම්පන වේවි!

මනෝමය කාය මන බන්දන පේළි!

වෙන මාන දැනෙන්නටත් වෙයි සංවේදි!

තනපන් විමාන, කඩපන් ත්‍රිමාණ!

සංකේතනය කරවයි මන් විධාන!

වෙන කාචෙකින් බලපන් ඇස් තියාන,

වෙන මානෙක්න් බිඳුනු තත් කියාපන්,

මුතුන් මිත්තනුත් කියාවි දැන් ලියාපන්!

ඇස් දාහකුත් දැරූ : දැන් දිනාපන්!

මේ වේදිකාවේ මම නෑ විඩාපත්!

ඒ කයි කාමරේ ඉඳන් මං කෑගහන්නේ මට! 

තව ඕනි! තව ඕනි! ////

written by  Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply