දවසක්දා
හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ
ඒ් ජාමෙට
ඔබව මතක් වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා
ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරේ කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණූ
ඈට පෙම් කරන්න මට බෑලූ
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ
රොන් පිරී සැලෙන්න මල් රේණූ
ලාදළු දෙතොල්
හසරැළි මට වෙළී
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ
රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ.
සිතකින් නොවේ කිසිදා
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා
ගෙනයමි ඔබේ ආදරේ
ආදරේ
දුර ඈතද ඉන්නෙ ඔයා
මේ ලඟමද ඉන්නෙ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා අදරේ සොයා
කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
උදා ගිරෙන් හිරැ පායා
සඳු දැකගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි
අවර ගිරෙන් සැඟවී
හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
මා එතනයි ජීවත්වී ඉන්නේ