Sinhala song lyrics with music notes illustration

නෙතගින් පාන
ඉගියෙන් පේන
මායම් සගවා කෙහෙරැලින්

සයුරින් ඈත රටකින් සීත
ආලේ ගෙනැල්ලා උනුහුමෙන්

ඉර යනකොට ඈතින් අවරට
හිමිහිට ඇහෙනා සංගීතෙට
අපි නැලවෙමු ඒ මේ තාලෙට
ලංවී ආදරෙන්

මරීනා
මරීනා
‍යුරෝපේ සමනලී
සරාගි නුවන්තී
දගකාරී හිතැත්තී //

මුහුවී වත් සුව ඔබගේ
වෙරලේ කල දිය සුලගේ
හැඩකාර‍යි මට දුන් ගීතේ
තාලය ඔබගේ

සිත්තම් හීන
ඇත්තෙන් දෑස
වාගේ මවනා රූසිරි

කෝලයි බැල්ම දගකම් පාන
උන්මාදෙන් මැව්වා ආදරී

ඔබ ඉගිලී අහසින් ඈතට
මම මේ සුඩු වැල්ලේ තනිකොට
ගීතය තියලා මගේ හිත යට
වෙන් වී හීනයෙන්

මරීනා //

මුහුවී වත් සුව ඔබගේ…

සමනලියක් වගේ තටු ගසන මරීනා
ඉගසුග නලවන නිලියක් වගේ කරීනා
ආලෙන් පැරදීලා හිටියේ මම
ලෝකෙන් බොද වීලා
ඔය නෙත් අග මේ දුක ගියේ
කොහෙදෝ නොදනී මා

Shawty made me crazy
a body like glass
made some mistakes
we can leave it all behind

ලංවෙන්න ප්‍රියේ
දුරස් වෙන්න මට නම් බෑ
You are one in a million
කෙල්ලේ වෙන කොහෙවත් නෑ

මරීනා //

මුහුවී වත් සුව ඔබගේ…

written by Jagath Jayawardena

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply