සියවසක් | Siyawasak by Zany Inzane [2023]

Sinhala song lyrics with music notes illustration

දනගාපු නිසයි විශ්වාස පොළොව
මේ තරම්
බලපං අහස මගෙ සීමාව ඒ තරම්
යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
කවමදාවත්

වැදගත් මේ හැම තප්පරේ
හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
වගකිමෙන් මන් කියන්නේ
මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
ඉතින් කොහොමද තියන්නෙ

වස විසට විතරමයි උනෙ සීමා
මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
පුරවන්නෙ perse
උපතින්ම සූදානම් දූපතෙන් එකයි
මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි

වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
කරද්දී මන් රෝලීන්
ඕනි සල්ලි නම් ගෝනි
ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
මං කැඩුව නීතී

රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
පන්දම අතෙ පප් තුන තුන යැව්ව
පිස්සන්ගෙ දූපත
ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද….. ????

වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ

ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්

පළමු පාඩම තමාන්ට තමාන්මය
නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය

written by Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply