A gritty Sinhala rap medley of street realities.

Song Lyrics

පෙරියමුල්ල

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ

වැල්ලේ දැමිමෙ ඔට්ටු
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace

මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන්ව පෝලිමට දක්කන්න

මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව

උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා

කල් ඉකුත් නෑ තාම සැර බාල
Auto pilot mode එකෙ දන්න නිසා පාර
Overdose Hip Hop බලපං නහර
ගහපු ගේම අනුව තමා මෙකේ ප්‍රතිචාර

දෙවියන්ගේ බාරේ

මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද

අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
බින්දා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව

ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව

අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක

ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න

මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
සමාජය නගනයක් ඇහැක් ඇරියම
පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට

දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්
ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්රී නාමයෙන්
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ
දෙවියන්ගේ භාරයෙන්

වෙල් පැන්ටා

මගෙ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳි සීනි තමයි දැන් ඕන
මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල

වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය

දවසක් රෑ
ටික ටික පෙරාගෙන එද්දි ඇවලුනා
සෝමෙගෙ කෙහෙල් යායම
බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
මම ආසම කාලෙට පායන

ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
සැරටම වෙන්නෙ දැං දායක
වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නව සුපිරිම ගායක

ලාවට ගහල ආවෙ මම අඩියක්
අවුරුද්දට පෙරනව මම වඩියක්
ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්

රාලහාමිල නම් අදාල නෑ
OIC ට තමයි බය
අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකං වෙලාව 06.00

කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනව ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
වෙන්නෙපා මටනම් ණය

දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එළකිරි පදමක්
Shot එක ගානට දෙන්නෙ මං
වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්

ඕන්නං cocktail
Soft Drink
Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්

කවුද කවුද අර එනව පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
මං බඩු විකුනන්නෙ නෑ

අප්පටසිරි පිපුනා ඇඟෙ හිරිදැං බැස්සා
මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
අදනම් ඉවරයි
දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදීසියේ

අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනින්න
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න

සාජන්
දැගලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න //

Song Information


Song Summary

Sinhala Rap Medley is a raw collection of interconnected rap verses portraying Sri Lankan street culture, nightlife, addiction, money struggles, faith, survival, and social pressure. Each segment reflects a different mindset and reality.


Song Meaning

This medley captures modern urban life without filters. It moves from carefree street vibes to darker themes like gambling, debt, desperation, faith in God, police pressure, and social decay. The song mirrors how enjoyment, pain, belief, and chaos coexist in everyday life.


Frequently Asked Questions (FAQ)

What is “Sinhala Rap Medley”?
It is a multi-part rap song combining several street-style narratives into one track.

Who performed the song?
We Plus with featured artist DrBSKing.

Is this one story or multiple stories?
Multiple stories, connected by common social realities.

What themes are highlighted?
Street life, money, addiction, belief, freedom, and consequences.

Is this song suitable for all audiences?
It is intended for mature audiences due to strong social and street themes.

Leave a Reply