සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුණේ
ඔබේ රුව තමයි තිබුණේ ලංවෙලා හදේ
දුරින් හිද බලා ඉන්නා දුරින් පෙනෙන රූ රහසින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
හිදියි මං මොනා කීව්වත් දන්නෙ නෑ වගේ
කතා බහ ගොළුයි නුඹගේ ඉන්න බෑ වගේ
බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්
සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්