අවාරේ පිපී | Aware Pipi by Rookantha Gunathilaka

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

නිල් තුරු ගොල්ලේ මල් ලියකම්
රැව්පිලි රැව්දේ සකුණ ගැයුම්
සොඳුරුයි මිහිරියි
සොඳුරුයි මිහිරියි ලොවම පහන් වෙයි
අප හමුවූ අසිරියෙන්

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

රන් අරුණැල්ලේ වන් කැටයම්
සිත් ගඟුලැල්ලේ තරඟ රැඟුම්
පිබිදෙයි සසැලෙයි
පිබිදෙයි සසැලෙයි ලොවම උදම් වෙයි
අප හමුවූ මහිමයෙන්

අවාරේ පිපී සුවඳ ගැල්වූ හදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
අයාලේ ඇදී නයන ඉවුරේ රැඳී
ඔබ හිඳී මා හදේ සංහිදේ

ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
ඔබ හිඳී මා හදේ සංහිදේ
ඔබ කුසුම් තිලිණයයි පුදසුනේ
ඔබ හිඳී මා හදේ සංහිදේ

Leave a Reply