සැළලිහිනියෝ | Salalihiniyo Numba Danne Na by Amara Ranatunga

Sinhala song lyrics with music notes illustration

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
ආලෙන් පියාසරන ආදර හැඟුම් මහිම
දැන් නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply