රන් මාලයක් | Ran Maalayak by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

දෙමව්පියන්ගෙන් වෙන් වී යන දිනය අදයි
අපේම පුංචි කැදැල්ලේ තනිවෙන්න ළඟයි
අතීතයේ සුබ සිහිනේ ඉටුවෙන දවසයි
මෙලෝ වසනතුරු මා හදවත ඔබේ ලඟයි
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

නෑදෑ මිතුරන් අපගේ අද එකතු වෙලා
ආසිරි වරුසා පතලා අප සතුටු කළා
අදින් පසුව දිවි ගමනේ යමු අපි දෙදෙනා
දුකයි සැපයි එක සේ මිහිරියි හොඳයි කියා

රන් මාලයක් ගෙනල්ලා ඔබගේ ගෙලේ පළඳලා
මං ආදරෙයි කියාලා අත ගන්න දා ඇවිල්ලා
ජය මංගලම් සුබ මංගලම් ගීත රැව්දෙනවා
සුබ මංගලම් ජය මංගලම් පැතුමන් ලැබෙනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply