සොයා දියව් මට | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa

Sinhala song lyrics with music notes illustration

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි
නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි
දෙතන එරෙන කිරි – දොවා ඉවතලමි
දෙතන එරෙන කිරි – දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ – පව්කාරයිනේ..

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
හදෙහි නැගෙන ගිණි – කඳුලින් ඉවසමි
හදෙහි නැගෙන ගිණි – කඳුලින් ඉවසමි
තෙපිටයි ඒ පාපේ – පව්කාරයිනේ..

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply