චන්ද්‍රපාණි | Chandrapani by Yasas Medagedara [2020]

සප්න ගානේ දෑස පේනා
චන්ද්‍රයා මේ පහස ගේනා
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා

හුස්ම සේලේ රැස්ම ආශා
මන්දහාසේ ආ සඳේ මා
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා
හර්දේ වෑහී රූ හැඟුම් සේනා

රෑ දිවා ඈ නිසා
ආශා තේරුනා මේ සොබා
රෑ දිවා මා බලාලා
ප්‍රේමිනා
ඈ සිනා දෑස ළංවීලා

රෑ දවා සිත් පෙලා
ඉන්නෙ කෝමදෝ වෙන්වීලා
දෑස මානෙ දාලා වෙන්ව
යන්නෙ නෑ හැරදා
එන්න ප්‍රේමියේ ඉන්න ළංවීලා
මා හා බැල්ම මානා
එන්න ළංවී ආදරෙන් පාලා
ආදරෙන් දෑස ළංවීලා
ආදරෙන් ආදරේ වීලා

රෑ පුරා පෑ නුරා
රෑම සිත්තම් වේ පෙම් සීලා
අහස වාගේ සිහින මැව්වේ
රෑ පුර නොනිදා
හුස්ම ගානෙ ගැස්ම යාවීලා
මා හා බැල්ම මානා
එන්න ළංවී ආදරෙන් පාලා
ආදරෙන් දෑත ළංවීලා
ආදරෙන් ආදරේ වීලා

සප්න ගානෙ දෑස පේනා
චන්ද්‍රයා මේ පහස ගේනා
චන්ද්‍රපාණි ආදරෙන් වෙලා
ස්වර්ග ප්‍රේමේ නෙත්සරේ පානා

හුස්ම සේලේ රැස්ම ආශා
මන්දහාසේ ආ සඳේ මා
ඉන්ද්‍රජාලි ප්‍රේමයේ හොවා
හර්දෙ වෑහී රූ හැඟුම් සේනා

රෑ දිව ඈ නිසා
අශා තේරුනා මේ සොබා
රෑ දිවා මා බලාලා
ප්‍රේමිනා
ඈ සිනා දෑස ළංවීලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *