සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ…//
අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය නුඹ ගාවයි
අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය
නුඹ ගාවයි
මාස්ටර්,
දාහය මතින් ආවත් ශෝක
මට හිතින් නුඹ ඕන නෑ
මං සිඹින්නම් මේ ලෝක මට
තපින්න වෙලාවක් නෑ
මං රවන් හීබි කොපුලෙන් බින්දුවක
කවන් සිනාවන් ඉන්ද හිටවත් සැඟවූව
මවක් කියන්න දෙන්න
තිබ්බ වාර ගනන මං තනියෙන්
කාමරයට තාම තනි මං කවියෙක්
පින්න බාපු තාලේ මන
ඒත් මං තනියෙන්
අන්ඬවාපු වාර ඈ සිහින රෑ තලියෙන්
කිමද මේ හැසිරෙන්නේ
මං නුඹත් බැඳීමක් නම්
මතින් හාදවීම
ආ දුරක් බැඳීමක් නම්
පිලිතුරක් නේ මේක
මෙන්න ප්‍රහෙලිකාවක් නෑ
තනියෙන් නින්ද ළඟදි
පේන හීන හීලත් නෑ
වතුරෙන් හෝදා හරින්න බැරි
කුණු බොහොම අපට
සතුටින් වාද කරන මුදු හිතක්
ඕන මතට
පීලි පැන්නා ඇති මතට සීනි දැම්මා
ඇති රසට කීරි ඇන්නා ඇති හිතට
මීරී…මීරී… මීරී…
සිතුවිලි…
සතුට කෝ
නුඹ ළඟදි මට දැනුන
අපිම වැස්සේ තෙමුණු
කැකුලු බිමට කැප්පෙටිපොල වැහුණු
විහග තටු වෙනුවට
රටක අපි නොදැකපු
මාන කොහෙද තිබුනේ සතුට
දෝරේ ගලන වාන් දොරටු
තාමයි අපිට උරුමයි ඒ..
රිද්දලා රිද්දලා දැන්
උස්සලානේ මන්න
විත්කලා රන්දමිත්
දැන් ඔත්පලයිනේ හද
මත්කලා මත්කලා
තවත් කරන්න විස
ගල්වෙලා සීතලේට
රත් කරන්න වත
චිත්ත මාලිගා දැන්
ඒක පාට නිෂ්ප්‍රභා කරන්
සිත්තරු ඇඳිරු මිස
චිත්ත රූසේ රූ සොයන්
සිත්කලු රුදුරු තේරුමක්
ඇතත් වේසයන්
සුන්කෙරූ නොමේරු ලෝකයක්
නැතුව ශේෂයන්
මට දෝර ගලන ඕන හදක
මිසදුටුකම පෙනේ
මට මාව නැතිව ඉන්න හැකි
තනි වුනු කල මම වනේ
රසතාම දැනෙන කලක්
ඉවසිය හැකි වුනේ මට කෙසේ
මම තාම තදට නුඹ ගැන මතින්
අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය
නුඹ ගාවයි…//
සිතුවිලි…//
written by Master D