මල්මද බිසෝ | Mal Mada Biso by Master D ft. Big Doggy [2020]

Sinhala song lyrics with music notes illustration

ආ …. මෙලෙසේ ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ…/////

මගේ හිත පතුල දන හදුන හි
සැර වැදුනු වැටුනු මන රිදවී
දන්න තැනක කොහෙන් බැඳුන කැදලි
ගිනි වැසුනු සැර පරුස පදවි

මගේ සතුට නන් අතට දෙන් සරා
ඉන හැඩවූ තැන් වලට වෙන්කලා
නව ගතකින් මන් සොයන කන්නරා
මිස පැදපු දෙන් සලඹ හන්ගලා
ඇත්තෙන්ම මං දන්නෑ දැන්
බැඳීම බොලේ සිත

නුඹේ හිත මගේ සිතේ සතුටේවිද
ගතින් එපා හිතින් මාව පිබිදේවිද
නුරවර අතින් මා සැනකෙලි දේවිද

විසිරුණු පුරුදු මටම හුරු පුරුදු
දුරුතු දුඹුරු දෙපියන් ගලන තුරු කඳුලු
ගිනි පපුලු තද කරන් කනට කියූ
මන පිරවූ මදිව බියෙන් තව දියදුණු
තුරු සුඹුන නල රුදුල සෙපමිය
අග්ගිස්සේන් පිරි මදිමි හිරිගඬු බිලිවුනි
නුඹ සිඹිමින් ලැම ලයට ගැටෙමින්
හති අරිමි ඇලෙමි සිරස තවරලා උනි

විසගෝර දල මැද මං අරමුණක
මට තාම මග නොපෙනෙයි
හිත කාට ගොතමි නිම මට සිලිටු
මහ පාරේ නුඹ පෙනුනෙයි ..

විසගෝර දල මැද මං අරමුණක
මට තාම මග නොපෙනෙයි
හිත කාට ගොතමි නිම මට සිලිටු
මහ පාරේ නුඹ පෙනුනෙයි ..

ලස්සනයිලු පාට නුරා මුසුවෙද්දි සුරාවට
බර දෙන්න හිත නෑ
උස් පහත් වෙද්දි තුලාවට
මීරි හඬින් කෙඳිරි මැණික උඹ ලතාවට
මටත් මැවෙන්නෙ විකාර රූපී
උණ විකාරෙට

දියමන්ති දිලිසෙද්දි ඔය පෙකනියේ
වල්මත් වුනා මම සත්තයි
මගේ සොබනිය
බලපන් දොර පුලුවට සොයිබෙට
රිද්මෙට පද්දමු බූරු ඇඳ අපි රුවිතෙට
සුළඟට ලෙලදෙද්දී ඔය කෙහෙරැලි

සරාගී දෑස නම් දාලවන්තිය වුනි
හිරිගඬු පිපි දනිස් දෙක පැටලිලී
නුඹේ රතිය දැකලා මට දෙවියන් සිහිවුනි
වැතිරියන් බන් උනාදමා සලුපිලි
මම කොහෙන් දෙන්නද විල්ලුද ඇතිරිලි
මවනවා සැණකෙලි වෙනකම් එලි
කොඳුරා කියපන් මොනවද ඕන සැලකිලි

ආ …. මෙලෙසේ ..
මගේ මල්මද බිසෝ කලන්තය හැදී
මෙලෙසේ…/////

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply