සන්තාප මාවතේ | Santhapa Mawathe by Sunil Edirisinghe

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..
දැරියක් හිදී තනිවී දෙමංතලේ..
නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..
හඬගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ..
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ..
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ..
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..

Leave a Reply