සඳගනාව | Sandaganawa by Dhanith Sri [2019]

Sinhala song lyrics with music notes illustration

උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ..

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ, ජීවිත ගානෙ සංසාරේ…
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply