ශතක සියයක සහස්‍රක බදු කල්පෙක
මීන නයනිය සාදු සම්මත ප්‍රේමිය
හීන දහසක සයනයේ මා සතපන
රාත්‍රිය නුඹ මතක අනු; අවුලන
සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසක
නුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැලුමය
තාරකා ඝණඳුරේ තනිකරනු මැන හිතවතිය මේ හැම
නිද්‍රාවේම තබා මා සඳ එළිය නිදියනු මැන
අකාලික සඳ එළිය
සරතැසින හඳ මැඳුර පිරී යන වෙලාවක සැඳෑවක
මධු බඳුන් පුරවා මේස මත තබන්නට පැමිණෙන්න
දැන් ඉතින් එහෙම බෑ මම දනිමි මුවැත්තිය
සීතලේ ගුලිවෙලා නිදියන්න – මම පතමි සුව නින්ද
අකාලික සඳ එළිය
Leave a Reply