in #GoHomeGota2022, Imaya Perera, Tharindu Damsara

ඩැන්ඩෙලයන් | Dandelion by Imaya Perera ft. Tharindu Damsara [2022]

අහස ගිනියම් වෙලා
වියළි තුරුපත් සරා යේ
හීන මිහිදන් වෙලා
නිස්සාර කළ යෞවනේ

සරදාකාශ සිසාරා
දේවදාර තුරු මතින්,
හමන සුළඟට අවැසි නම්,
ප්‍රාර්ථනා ඇමිණූ
ඩැන්ඩෙලයන් රේණු
අහසට විසි කරාවි
මියැදෙන මලක්
පැතුම් ඉටු කළාවේ

දේදුනු පාට තැවරූ
අළුම අළු පාට හීන
බොඳ වී නො යනවා නම්
ප්‍රේමයේ හිරු නැගෙන දවසට
ඩැන්ඩෙලයන්
නැවුම් පැතුම්
ඉටු වුණාවේ

banner

Leave a Reply