in #GoHomeGota2022, H.R.Jothipala

ආලෝකේ බිහිවේ | Aloke Bihiwe by H.R.Jothipala

ආලෝකේ බිහිවේ පැතිරේදෝ
ආශාව ඉටුවී සපිරෙයි දෝ
වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ
සටනකි ජීවිතේ
ජය පරාද වේ

කල්පනාව පෙරසේ නැත
ඇහැරීලා කොටුවීලා සිතු සේ
රන් කුරුල්ලෙකු සේ යමී
පියඹලා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාදවේ
සටනකි

සත්‍යයෙන්ම මිස ලොව
කවදාද අවනිති දිනුවේ
යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව
තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ
නියදම සේ ලොවේ
ජය පරාද වේ

banner

Leave a Reply