in #GoHomeGota2022, H.R.Jothipala

අමර පෙම් ලතාවේ | Amara Pem Lathawe by H.R.Jothipala

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා… ම් ම් ම් ම් ම්…
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා… හෝ හෝ හෝ හෝ හෝ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

banner

Leave a Reply