in Senanayaka Weraliyadda

අර සඳ පලුවෙන් | Ara Sanda Paluwen by Senanayaka Weraliyadda

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි
අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
අපි ඇල්හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරිවී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන් දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමෙන් මන් එනතුරු
ඉන්නවා නේද මගෙ රන්කඳ

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

banner

Leave a Reply