මීන නුවන් | Meena Nuwan Yuga (Medley) by Senanayaka Weraliyadda

Sinhala song lyrics with music notes illustration

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ

මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි….

කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply