හද හඬලා (Medley) | Handa Hadala (Medley) by Athula Adhikari ft. News

Sinhala song lyrics with music notes illustration

සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ රෝස පුස්ඹේ
සීනයෙන් සීනේ
හමුවෙමූ කවදා හෝ ආයේ
හිනැහෙමූ තරහා නෑ වාගේ
මේ සැදෑවේ කෝ කොහේදෝ
මා සොයන්නී

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

ඇයට පුදකලේ නිමල ආදරෙයි
ඇය පැතුවේ සුරංගනා ලොවයි
අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
හදේහී සෙනේහේ තමයි

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ
අප හමු වූ අප තෙපලූ
අප හමු වූ තෙපලූ වෙන්වූ
ගං තීරේ මේ
මා හැඬවූ මා සැනසූ
මා තනි වූ ගංගාව මේ

හද හඬලා සිත බිඳිලා
හද බිඳිලා හඬලා පෙරදා
ගංගා තෙරේ

අපට සින්දුවක් ලියන්න – අපට සිංදුවක් ගයන්න
අපට සිංදුවක් අහන්න ආසයි
ඔබට සින්දුවක් ගයන්න – ඔබට සින්දුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply